2/15/2010 11:56:00 PM | Author: මැට්ටා
ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???
2/15/2010 09:40:00 AM | Author: මැට්ටා
ආදරේ ලබනවා වගේ ම ආදරේ කරලත් සියුම් උත්තරීතර සතුටක් ලබන්න පුළුවන්.
2/15/2010 08:20:00 AM | Author: මැට්ටා
දකින දහසක් මුහුණු අතරේ
ඔයා දිහාම බලාගෙන
මම ඔයාගේ පස්සෙන්ම ආවා....
ඇවිල්ලා ඇවිල්ලා
හොදටෝම හෙම්බත්වෙලා
ඔයා නැවතුන තැනින්ම
මමත් නැවතුනා.....

එතකොටයි මම දැක්කේ
ඔයාගේ පැත්තකින්
අයිතිකාරයා ඉන්න බව....
ඔයා එකපාරටම
ආයෙත් දුවන්න ගත්තා
මම ආයෙත්
ඔයා පස්සෙන්ම ආවා

හැබැයි
මේ වතාවෙනම්
මට ඔයාව මග හැරුනා
හොයාගන්න බැරි වෙන්නම
2/14/2010 07:40:00 AM | Author: මැට්ටා
මම හිතනව ඔයා හොදින් ඇති කියල. මම ගොඩක් හිතල තිරනයක් ගත්ත. මම අමරුවෙන් හරි ඔයව අමතක කරන්ව. එක ටිකක් අමරු වෙවි. එත් මම කොහොම හරි එක කරනව. ඔයා මගෙ facebook account එකෙ ඉන්නකල් මට එක කරන්න අමරු වේ. ඒක නිස මම ඔයව මගෙ account එකෙන් remove කරනව. මම අයෙත් ඔයට කත කරන්නෙ නැ. ඔයාත් මට කත කරන්න එප, plz. ඇපි මෙක ඉවර කරමු. මම අයෙත් ඔයට කරදර කරන්නෙ නැ.
2/12/2010 06:57:00 AM | Author: මැට්ටා

මගේ ලොවට ආ
වසන්තය නිමාව ඇත
අදුර මැදින්
ඉඩෝරය පැමින ඇත
සොදුර.......
නුඔ මගේ ජිවිතය
මේ තරමට ම
වියලා දමන
කතරක් වන බව
මුලින්ම සිතුනා නම්
මා අද නුඔ වෙනුවෙන්
බිදකුදු නොතැ වෙනු ඇත
එහෙත් සිහිනයක් සේ පැමිනි
නුඔ........
නුඔ ගැන සිතන්නට මා හට
තිබුන ඒ හැගුම්,
කතරේ මා තනිකර දමා
යන්නම යාවි යැ මා කෙසේ නම්
අදහන්නද....
සෙවනෙල්ල වන්නට පැතු
නුඔ මට නොලැබෙන බව..................
2/12/2010 06:25:00 AM | Author: මැට්ටා
ඔන්න මමත් අද ඉදන් බ්ලොග් ලියන්න පටන් ගන්නව
මෙකේ තියන ඒව කියවනකොට මටත් හිතුන ලියන්න එත් මමට හැඩට ලියන්න නම් බෑ
බලමුකෝ ලියලා
බනින්න නම් එපා
මට හිතට එන ඒව තමයි ලියන්නේ කම්ක් නැ නෙ
2/06/2010 11:24:00 AM | Author: මැට්ටා
හැමොමම මට කියමව මුදේ මලුවො ඕන තරම් ඉන්නව වෙන එකෙක් අල්ලගන්න බලපන් කියල
ඒ උනාට මුදේ කිදුරියො ඉන්නෙ හරිම හදිස්සියෙන්,ඇත්තෙම නැතිතරම්.
මම අල්ල ගන්න හැදුවෙ එහෙම කිදුරියෙක් තමා
ඒ වුනාට මොනව කරන්නද මට එයාව උරුමනෑ.....
උරුම කරගන්න පින නෑ