2/15/2010 11:56:00 PM | Author: මැට්ටා
ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???
|
This entry was posted on 2/15/2010 11:56:00 PM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On February 22, 2010 at 8:19 AM , CD Athuraliya said...

හිනැහෙන්නට නොව හෙට දින නැඟෙන්නට අතීතයට අතීතයක්ම වන්නට ඉඩ හරින්න...

 
On January 25, 2012 at 9:43 AM , වර්ණා said...

හිනැහෙන්න හෙට දින අදට වඩා සුන්දරයි..